ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මං මිතුරු ලෙසින් ලග එන වැහි වලාවට කියන්

මං මිතුරු ලෙසින් ලග එන වැහි වලාවට කියන්

රන්ජන ආරියරත්න
2022-December

යකෝ බොල මල මගුල්,
චුරු චුරු, කෙහෙම්මල් වැස්ස
උඹ ඔය කඩන්න හදන්නෙ ඊයෙ
මං අමාරුවෙන් හැදුව විස්වාස බැම්ම
කතා කියන ඇස් දෙහෙකට
කුඩෙත් අහිමි කරගත්ත
අහිංසකයෙකුගෙ පරම්පරාවක පැතුම

අම්ම ගැනත් දහාතේ දිවුරලයි
හැදුවෙ මගෙම සක්කරවට්ටමේ හිත
අළුත්ම මූවිය බලමු කියලා අද
පිටිපස්සෙම පෙට්ටියක හවසට ඉඳ

බුකියේ කෙල්ලෙක් ලස්සන
ඒ උනත් මම කාගේ කව්දැයි නොදන්න
කොටම කොට ගව්ම, පපුවත් යන්තමට ඇරුන
ඉතින් හාට් රියැක්ට් නොකර පුලුවන්ද ඉන්න

කපුවෙකුගේ බොරුවකට බැන්ද උඹ
දන්නවද ගෑනු හිත් ගැන හරියට
පෙරේදට මාසයක් යකෝ
එක ලයිකෙකට මූණ එල්ලාන
උඹට නොකියන වැඩ
අර……..ලයිට් නිව්වම සීරුවට කෙරෙන
අද තමා දවස වැහිකලු දියවෙවී
වැගිරෙන

බොටත් තේරෙයි සෙට් උනොත් දවසක
ගැටිස්සියක් පැණි බේරෙන
යකෝ වහින්නත් මතක නැතිවෙයි
අම්මපා කලට වේලාවට
එපා දැන් මෙහෙට පලයන් හවස හතරට
ටියුෂන් පන්තියක් ගාවට
උඹටත්, මටත්, උන්ටත් වැඩක් වෙන්නෙ
එහෙමයි මචෝ නියමෙට

ආණ්ඩුත් මරාගෙන කන්නේ අපිමයි
දන්නවා බං උඹටත් සෑහෙන්න ප්‍රශ්න
මහා එවුන් කියන විදියකට ඔළුව නමාගෙන
රස්සාව උනත් කරන්න වෙනවා පිරිමියෙකුට
ගෑනිගෙනුත් බේරෙන්න ඕනෙමනම් උඹට
සෙට්වෙමු හරියටම හත හමාරට මෙහෙට
සත්තයි මචෝ තෙමෙන්නම් මං ගානට

මචෝ…….
පිරිමියෙකු කළහොත් මිසකම
වෙන කවුරුනම් පිහිට වෙන්නෙද
පිරිමියෙකු වෙච්ච අප හට