ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දමිල කිතු මුස්ලිම් සිංහල අඹ නැත

දමිල කිතු මුස්ලිම් සිංහල අඹ නැත

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-May

රෝහන වීරසිංහ ශුරීන්ගේ අවදානම පිනිසයි:

මොනවද ලමයෝ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් මුත්තේ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් මම
පතුඒ අඹ පිරි උයන ලැබීනැත

යුතුකම කලමුත් මුත්තේ ඒදින
පැලයට හරිහැටි වතුර ලැබීනැත

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකිදේ තවම බොහෝ ඇත

ඇත්තයි මුත්තේ ඔබෙ ඔය අදහස
හැදෙන්න ඒලෙස අපට බොහෝ ඇත

පෙරවුන් අය සිටවු අඹ ගස්වල
දේශපාලනයො පාට උලාඇත

දමිලකිතු මුස්ලිම් සිංහල අඹ නැත
මවුබිම රැකීම සැමගේ යුතුකම

ඒ යුතුකම හොඳහැටි දැනගත්තෙමු
මහන්සිවී අපි දැන් රට හදනෙමු.