ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එන්න,…….ඉරන් කළු සළු

එන්න,…….ඉරන් කළු සළු

නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය
2023-July

කඳු සිරස නගිමින් උදා, විහිදූ රන් රැසින්, මිහිතල අඳුර මිදු
උඩු ගුවන නිල්වන්, බදා, සිඹිනා ආලයෙන්, වෙලි මේ කුලයි සුදු
ලඳු කැලය, තණබිම් එදා, උඬගූ, හඬ හඬා, පුදන ජීවිත, වැදු
මුඩු පොළව නෙතගින් බලා, හිඳිනා සේ පෙනෙන්, පිපිරු තැන්, වී කුදු

හිස ගසා විහඟුන් සලා, පියපත් තුරු මුදුන, තරණය කරන මුදු
කුස පිරෙන කිස නැත නෙලා, ගන්නට, ළපැටියන්, හඬයි නොසලා බිඳු
ගස වියලි අත පය වනා, පවසයි පිපාසය, විඳවන් ගැහැට රුදු
රස බෙදා දෙන්නට මලේ, බැරිය අග හිඟ බෝ, සමාවෙන් බඹරිඳු

දඟලමින් සෙල් සතපමින්, පැන ආ, විටෙක, ඇය, වේගෙන් නැගී සුදු
මග දිගින් දිග සිප ගමින්, දෙව්රේ පුලින තල, රැඟු මනමාල ලඳු
ළඟ ළඟින් විත් රහසකින්, සතපාපු ගොවි සිත්, නිල් සුකුමාල බිඳු
අග හිඟෙන් මිරිකෙයි නිතින්, නැත හමුව කලකින්, ලුණු රසය, සත් සිඳු

මදනල ද වියලියි හමන, දුහුවිල්ල අහසට, නංවලා යන රුදු
ලද බොළඳ දලු නැමි නැමී, පවසන්නෙ රහසින්, දක්නට බාල සඳු
මද වේගයෙන් විත්, ඉරන්, කළු සළු, බිංඳු පොඩි, පොඩි වැටීයන් මුදු
අද අදම මව් පොළව සිඹ, නිවා සතපා දන, පුබුදන් හරිත ලඳු

උතුරු අයර්ලන්තය
09/06/23
අනවුඳඬු විරිත, මත් 30.
( 12, 9, 9 යතිය. )