ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිස්සක පව්ව මතදී මුවෙක් කී කව

මිස්සක පව්ව මතදී මුවෙක් කී කව

මුදිත් දිල්ෂාන් විදානගමගේ - කොළඹ
2021-July

දඩයම් හීය මානා
මිග පා ලකුණු පිට පැන්නූ
මහ රජුනි – තරහ අවසර,
කමා කර කිව මැනවි
ඉතිහාස ලියැවිල්ලේ
කවර රූපකයක් ද ඔබ…?

මිස්සක පව්ව පිට
ඔබ තනා දුන් අත් වැට ය,
සෙල්මුවා පියගැට පෙළ ය..
මිහිඳු හිමියනි අපට ද
නැගගත හැකිය දැන් ඉහළට,
උපදවා ගෙන බැති සිත්
අවට සිරි නැරඹිය හැකිය…

ස්ථූප – පිළිම – ස්මාරක
පෙනේ පූජා නගරය,
දසරාජ ධර්මය මතින්
ගඩොලින් ගඩොල ඉදිවන…

කුකුස නම් හිමියනි,
අතරින් පතර තවමත් ඇසෙයි
සහෝදර මුව රැළක
මරහඬ..
ඉවකින් මෙන් දැනෙයි
දඩ කෙළිය
කෙළවර නැති වග…

උස් ය හිමියනි මේ,
ඔබ නැගුණු ගිරි මුදුනත..
පහදා දෙනු මැනවි හැකි නම්
දඩ කෙළිය – දඩබිම
අප හට නොපෙනෙනා කාරණ…

2021.06.24
(පොසොන් පුන් පෝදා ය)