ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාම මම ආදරෙයි

තාම මම ආදරෙයි

අනුරාධා ගුණසේකර - හොරණ
2023-August

මේ තරම් රිදී රිදී ආපු දුර නුඹ එක්ක
දුන් හීන බොඳ වෙමින් කඳුළක්ව එළි බැස්ස
ලං වෙන්න ආදරෙන් නුඹ ඉස්ස මල් වැස්ස
ගිනියම්ව පපුවේ කැකෑරෙන බව ඇත්ත

මේ තරම් රිදෙද්දිත් අත් හරින්නට බැරිව
හදා ගන්නට හිත රැය පුරා නිදිවැරුව
එදා නුඹ ආදරෙන් රෑ පුරා මට ලියුව
මකා දැමුවත් සැනින් මගෙ පපුවේ මම කෙටුව

එකින් එක මතක් කර නුඹ ලියු පද පේලි
අද නැතත් දැනුනා එදා ලියු පෙම් හෑලි
ඇස් ඉවුරු පලාගෙන නුඹ ලියු කවි පේලි
ලිහිලිහී දෙකොපොලේ ගලා යනවා ගෑවි