ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතක සිහිනය

සිතක සිහිනය

නවරත්න ගමගේ (සංගීත අධ්‍යක්ෂක)
2021-March

ඔබේ සිනහව තරු ඇහැරවයි
කොඳ මල් පුබුදුවයි
සුළඟ වෙසින් ඇවිත් රහස් කියයි
ආදර බර හැඟුම් මවයි
රේණු වලින් පිරි
මල් කිනිති හඬවයි

ආදරයට වසඟ වන සිත්
නලියන සිත්
උමතු සිත්
සිතට සිත බැඳෙන විට
සිතක් ළඟ සිතක්
අඬා වැටෙන බව
කවුරුනම් දනීද ?

මේ සිත් මගේ නොවේ
මේ සිත් කාට අයිතිද
මමත් නොදනී ! සිතත් නොදනී !

ඝන අන්දකාරයක
නිවි නිවී දිලි දිලී එළි දැල්වෙන
කණා මැදිරින් වගේ හැම තැනම
සිත් …සිත්…සිත්…

ඉතින් හිතන්න
සංසාරේ පුරාම
කල්පයක් යනතුරු
යුගයක් ඉවර වෙන තුරු
ආත්ම ගණනාවක් ඈතට
ආත්මයක් වත්
වසරක් දෙකක් හෝ
මාසයක් වත්
දිනක්
හෙටක්
පැයක් විතර
විනාඩියක්
එහෙම නම් තව පොඩ්ඩක්, ඩිංගක්, චුට්ටක්, තව ටිකක්
තත්පරයක්
අඩුම වශයෙන් දශමයක් වත් හිතන්න ….

ඉතින් සිතත් අරන් මම යන්නම් ………