ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නඳසිරි මැතිඳ

නඳසිරි මැතිඳ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-April

ඉමිහිරි රසට ස්වර අමුණා කන් පිනන
හදවත බසට පණ දුන්නා දිවි නිවන
නොමියෙන හඬින් ගී කෙත සරු කර දිලුන
නඳසිරි මැතිඳු වැපිරූ යුගයක නඳන

රඟහල ටෙලියෙ සිනමාවෙ ද ගුවන් තල
මුදහළ මියැසි පිළිරැව් දෙයි සවන් තල
විදහළ සුරුව ඔහු නෙක නද රටා තල
සිඳහළ සුසුම මුසු වී අද පවන් තල

බෝ මළුවක දි මල් සුවඳක පැටලිගෙන
ගී දැහැනකට ඔහු පෙව් සම වැදීගෙන
සෝ තිමිරය ද සින්දෙමු සුව පුරාගෙන
කෝ අද එරන් පණනල ඇත සොරාගෙන

කේ .පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ,
රුහුණ විශ්වවිද්‍යාලය .