ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැමදා මුමුණන ගී සරණිය ඔබ

සැමදා මුමුණන ගී සරණිය ඔබ

අනුර හෑගොඩ
2021-November

කැටපත් පවුරේ මුදු පිරියම ඔබ
ගිණිගත් සුළඟේ දිවි සුසුමයි ඔබ
ගඟ දිය ගෑවෙන මල් අත්තයි ඔබ
නොනිමෙන සසරේ නවාතැනයි ඔබ

බුදුගෙය තුල පිරි සිල් සුවඳයි ඔබ
කළුවන් දැල්ලේ රතු ගිණිසිල ඔබ
චංචල භවයේ කමටහනයි ඔබ
දිය දෝතක පිරි හිම උල්පත ඔබ

වැහි එන පෙර මඟ දේදුන්නයි ඔබ
මීදුම ඉරණා හිරු කිරණයි ඔබ
සඳකඩ පහණේ විසිතුරු වත ඔබ
සැමදා මුමුණන ගී සරණිය ඔබ.