ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුරු සමිඳුන්ට…🙏🙏🙏

ගුරු සමිඳුන්ට…🙏🙏🙏

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-July

ගිනි පුපුරු දිවිමගේ ඇත දෙපා දව දවා
පිණි වපුළ සෙත් සුතුර මතුරමින් නිව නිවා
බිණි ඔවා සවන’තේ රැව් නැගූ සරු පොවා
හිණි පෙතට ලකුණු දී ගුරු සමිඳු හස මවා

බෝපතක සිලි සිලිය හිමි මුවින් නැගෙනවා
සරතැසට සුව ගෙනෙන ඔසුව එහි රැඳෙනවා
පියෙකුගේ කුළුණු ගඟ හද ගිරෙන් ගලනවා
කිමිදෙන්න අවසරයි සසර මග නිවෙනවා

( ජූලි 29 වැනි දිනට ජන්ම දිනය යෙදෙන නිවිතිගල සුනේත්‍රාදේවී රාජමහා විහාරාධීශ්වර , හෝමාගම සුනේත්‍රාදේවී ධර්මායතනාධිපති , පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්‍ය , දර්ශනපති , පූජ්‍ය කොළඹගේආර යසස්සී ගුරු ස්වාමීන් වහන්සේට පූජෝපහාර පිණිස ලියන ලදී )

– කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ සරසවිය .