ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජල පහර

ජල පහර

ලයනල් ගමගේ ඌරුමුත්ත
2024-February

බණ්ඩි ගොයමට මක්වුණාදැයි
කියා දන්නෙ ම නෑ
ගොනා කන්නට හිතං හිටියට
පිදුරු මණ්ඩිය නෑ
බලං හිටියට එන්න යායට
ගිරව් රොත්තම නෑ
වතුර ඇවිදින් කුඹුරු අල්ලං
අත් හරින්නෙ ම නෑ

කෝං ගහ ළඟ මායිමේ බැඳි
වක්කඩේ බැමි නෑ
වාං දොර ඇර හිතක් පපුවක්
අපට දුන්නෙ ම නෑ
රූං පෙතිවල ඉඳන් බැලුවට
කොක්කු බැස්සෙ ම නෑ
අනේ කන්නට බත් පිඩක් හෙට
අපේ කුස්සිය නෑ

Photo; Alexey Demidov