ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගලන ගඟක්

ගලන ගඟක්

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2021-November

උපන් දින තිළිණයක්
තෑගි දුන් දිනයේ
සමරුවක් මා ලීවා

සිහින ගෙනෙනා මවක්
හිතට වදිනා වෙලේ
සැඟව හිටියා හොරෙන්

රෑ පහන් නොනිවා
කඩුළු කඩයිම් මතින්
ඉගිල ගියා රටින්
පාර කියන තාරකා
අහස දැල්වී තිබුණා

දේදුන්ණ සේ ඇවිත්
මංගල නිමිති කිව් දා
දෙනෙත ගිණිදැල් දිලුණා
හිසේ නර කෙස් ඇදුනා
මා ලියූ සමරුව සිහි වුනා

2021 ඔක්තෝබර්