ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාපුකෙනෙක් දීපල්ලා……

කාපුකෙනෙක් දීපල්ලා……

මයුරි කොඩිකාර - ගම්පහ
2023-May

කාපල්ලා බීපල්ලා
කාපුකෙනෙක් දීපල්ලා……

ජයයි අවුරුදු මලුත් පිපිලා කොහෝ
සද්දෙත් ගිගුම්දේ
මකයි දැළිකුණු වහලෙ අස්සෙත්
මකුළු දැල් ටික පිරිද්දේ
තෙලුත් තරඟෙට බුබුලු දමනව කොණ්ඩ
කැවුමත් කැලුම්දේ
නිලක් ලැබිලද කුකුස දළුලයි ණයක
කණුකුණු සවන්දේ

පයෙහි බරවට බෙහෙත් බැන්දේ
පිටිකරට නෙව පලච්චී
රබර් බෝලෙත් දියේ එබුවට
උඩට මතුවෙල පෙනිච්චී
හැළියෙ සිසිලට නටන කකුළුවො
කෙළිති තරඟෙක ඇලිච්චී
රෙද්දෙ හිල් මැද අමුඩෙ ගැහුවට
හෙළුව එළියට පෙනිච්චී

ඇමට ගත්තේ සැමද අපිමය
මිනිසුනේ දැන් සිතාපන්
නගන ජයකෙළි විනම වෙනවා
අළුය ගිනියට බලාපන්
ගෙවන දිනයක පොළිත් එක්කල
දරුත් සින්නයි විඳෝපන්
දතත් මැදගෙන සමර බක්මහ
ලබන පඩියට විරෝපන්

මා සඳහන් නොකරල්ලා………

ගම්පහ, වතුරුගම