ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාගේ දේශය අවදි කරණු මැණ…..

මාගේ දේශය අවදි කරණු මැණ…..

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2023-March

රත්නදීපය වේය දිනුබිම
මගේ නිජබිම මට වටී
මාව හැදුවේ මාව වැඩුයේ
දිණන්නට ලොව ගුණගරුක වී
සවිය බලයද ලබාදුන්නේ
වීරියෙන් ඉදිරිය දකින්නට
මහපොළොවෙ පය ගසා ඉන්නට
නොලදුයේ නම්
පරාජිතමය මං මෙදා

වැටෙණ දහදිය මැණික් කැට වී
සපරගමුවෙන් මතුවෙණා
තිබුණූ සමයක අපිත් හිටියේ
සිවුවරමී දෙවි රැක්ම දුන්නේ

අනේ අපෙ දේශය බලන්නට
කෝ ඒ දෙවිවරු මෙදා
සුන්දරම තැන් අසුන්දර වී
විසාලා මහනුවරක්ම වී
බුදුන් පා තැබු දේශයද මේ
හිතෙණ තරමට වල්වැදී
පඩිවරුන් නැත මහැදුරන් නැත
සියල්ලොම ඇත කුළල් කා ගෙණ
රත්නදීපය වේය දිනුබිම
මගේ නිජබිම මට වටී

ප්‍රංශයේ Marne-la-Vallée ප්‍රදේශයේ