ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාටවත් වැඩක් නැති හිස් කම !

කාටවත් වැඩක් නැති හිස් කම !

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
2023-March

හිස් මුදුන අහස් ඉම සිප ගෙන
වළාකුළු ආලවට්ටම් අපමණ
නන්නාඳුනන්නන් නො නැඟුවාට ජය ගොස
කඳු දැක්කේම කාටවත් වැඩක් නැති හිස් කම

කිසි තල්ලුවක් නැතිව කඳු නගින
නැවතී තුරු අස විඩා හැරි මොහොතක
හෙමින් කොඳුරා කියන්නට හිතුනා
පහළ විසිතුරු නැති බව මුදුනත

ගිනි මැල සහිත පපුතුර
අවුලවා සීතලට හිත ළඟ
වම් කර්ණිකා කෝෂිකා වීරියෙන්
මහා රැයෙත් නගිති ගිරි කුල

මුදුනටම ආ කල හිත මිත
අනුන් අත් පා විරිය නොම ගෙන
මුදුනේ හති අරින මොහොතක
රූප නැඟුවේම පහළ පෙනෙනා ලස්සන

මුදුනේ ඇත්තේ
කාටවත් වැඩක් නැති හිස් කම !