ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ නිවුවා ද සුළඟට නිවුනා ද

ඔබ නිවුවා ද සුළඟට නිවුනා ද

අනුර හෑගොඩ
2023-August

හේනෙ පැලේ පැල් රකින්න
අවුළුවලා දුන්නු පහණ
ඔබ නිවුවාදෝ
සුළඟට නිවුනාදෝ

රෑ සීතල ඊතල දෝ වද දෙන්නේ
පියවර හඬට කණ මැදිරින් ඇහැරෙන්නේ
අමාවකේ කළුවර හද පාරන්නේ
හේනට හොරෙන් යන මඟ කවුදෝ දන්නේ

හිමිදිරි පාන්දර බොල් පින්නේ ගලන
සුවඳක් ඔබේ පෙරමඟ ඇතිකර බැඳෙන
හදේ නැඟුණු සුසුමත් එක්කොට රුගෙන
අවුළුවලා දෙන්නම් හවසට පහණ..

ගායනය ; ආචාර්ය නන්දා මාලිනී
සංගීතය ; රෝහණ වීරසිංහ
නිකුත් වීමට නියමිතය