ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උසාවිය නිහඬ විය

උසාවිය නිහඬ විය

සන්ධ්‍යා ද සිල්වා
2022-February

පුරා වසරක සිර දඬුවමකි
රුපියල්ම විසි දහසක දඩයකි
ඝාතකයන්ට දඬුවම් දුන් බවකි
එය පුවත්පත් සිරස් තලයකි

ශුදධ වු පනිවුඩයන්නොහඳුනන්නෙකි
කිළිටිවු තාප්පය මත දෙවියන් නුදුටුවෙකි
තාප්පය පිරිසිදු කළ වරදට-දේව දරුවන්
ගිනි තබා මැරුවේ- ඒ මිනිසෙකි

ශුද්ධවූ දේශයේ තහනම් කරන ලද්දකි
You-tube, face book යක්ෂ යාගේ නිමැවුමකි
දෙවියන් උදෙසා වු යාගයක් එමගින්
ලොවට හෙළිකළ-ඔහු දරුණු අපරාධ කරුවෙකි,

දෙවියනි!කිසිදා සමාව නොලැබෙනු ඇති ඔබට
මේ කුරිරු ලොව මැවු වරදට!