ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාසල් පෙම් කතා රස

පාසල් පෙම් කතා රස

වජිර ජයවර්ධන
2021-February

ලියනට ආස කවි කඩදහි පෑන ගෙන
පාසල් කාලෙ සිට මගෙ හිත පුරුදු වුන
නරකම පුරුද්දක් තිබුනා ඉබේ එන
කෙල්ලෙක් දැක්ක විට කවියක් ලියල දෙන

පළවෙනි කොලේ දුන්නේ පුංචිම කාලේ
පහ වත් සමත් නෑ මගෙ හිත බැඳි ආලේ
නම නොකියමි ඈ මවකුයි දැන් කාලේ
කොහොමද ලපටි පෙම පෙන දෑ ඒ කාලේ

ගමේ පාසෙලෙන් නගරෙට මාරු වුනා
ශිෂ්‍යත්වය වෙනුවෙන් පේ වෙන්න වුනා
ගීත ගැයූ හීන් පෙමක් පාත් වුනා
ඇය මඟ දා මම විභාගෙ පාස් වුනා

හයේ වසරෙ මැදි විදුහල වෙත යනවා
කෙල්ලො කොල්ලො පන්තියකට සෙට් වෙනවා
හිතේ තිබුන හං කිචි ගති නැති වෙනවා
යහළු යෙහෙළි බන්දන සවිමත් වෙනවා

ප්‍රේම ලෝක නොතිබුනෙ නෑ පපුව කොනේ
ඒත් වරට එකකුයි මට පාත් වුනේ
වැඩියම නෑ තුනයි එකල සීල් වුනේ
ඒ තුන නෙමෙයි මගෙ උර මත පාත් වුනේ

ලියනට ගියොත් පෙම් හබ මගෙ නමට වැදී
කවියක් දෙකක් නොව පිටු ගණනකුත් මදී
දැන් මං හොඳයි වගෙ ලීවට සිලට බැඳී
තාමත් කවි කොලේ වට්ස් ඇප් එකේ නිදී…

19/01/21