ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“ජෛව විවිධත්වය”

“ජෛව විවිධත්වය”

උද්‍යා මාධවී
2022-February


කොහොමද අද දවස??


අද ජෛව විවිධත්ව දිනය
මට තිබුණු පළමු දේශණය
මගහරින්නම බැරි වුණා එය
ඉක්මනට ඉවරකරල
දිව්ව ඉස්කොලෙ ගුරුදෙගුරු හමුවට

ලොක්ක නම් හොදයි
හොඳ ම විතරයි කිව්වේ ටීචල
පොඩ්ඩ ගෙ තමයි අවුල
හොඳක් කිව්වෙත් නැටුම් මිස් විතරයි
මටත් ලැජ්ජයි අනේ
කොල්ලොන්ට මොකටද නැටුම්


හ්ම්ම්…..
මොකක්ද අද ඔයාගේ දේශනයේ මාතෘකාව කිව්වේ?


ආ ඒක ජෛව විවිධත්වය ගැන
මාතෘකාව
“ජීවීන් ගේ අසිරිමත් විවිධත්වය රැකගනිමු “