ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරය

ආදරය

ශාමලී ගමගේ
2022-November

පියවර තැබුවත් ඵක මග අද දින..
මට මග හැරුනා නුඹ නොදැනිම අද..
දෙනුවන් ඔබගේ සසලව යනවිට..
කඳුලක් වැටුනා නොදැනිම නෙතු අග..

ඈත්ව යන ඔබගේ රුව දැක..
දෙපා පැටලුනා සිහිසන් නැතුවම..
පෙනි නොපෙනි යනවිට ඈතට..
ඇවැසි නැතුව සිටියා සසලව..

ඵකම වතාවක් යලිත් දකින්නට..
පාරමී පිරුවා දෙතැනක හිඳ අප..
පැතු විලසින් දෙනුවන් දුටුවිට..
ඉපිල ගියේ කිරි දරුවන් විලසට..

2022/10/24