ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමනීය තාරකාව ……

ප්‍රේමනීය තාරකාව ……

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2023-February

ඈත අහසේ දිලෙන තරුවේ
දවල් දවසෙම කිමද කෙරුවේ
වැඩත් ගොඩ වී උදේ වරුවේ
දැනුයි ඩිංගක් හුස්ම ගත්තේ …

සිනාපිරි මුව දිලෙන සිරියේ
මං එතැයි නුඹ බලන් හිටියේ
ඊයේ රෑයම නිදිත් වැරුවේ
හාංකාවක් දැනුනෙ නැතියේ…

පාළු කපමින් නිස්කලංකේ
විමසමින් හිඳ නිසොල්මන්සේ
හද විවර කර හැඳින රහසේ
මවයි සහසක් හැඟුම් සිත්සේ..

ලෝකෙ කැරකී බමණ වේගේ
අපිත් පස්සෙන් වැටී හැල්මේ
නිසංසල හැඟුමින් සඳැල්ලේ
හෙටත් නුඹ එනතුරු ඇසිල්ලේ …