ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී

අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
2023-June

ගොරව ගොරව වහිනා හෙණ තඩි වැස්සේ
තෙමිල ඇවිත් බලු ගඳ යන්නට රිස්සේ
සොරෝනීත හැදිලා පැත්තක අස්සේ
ඉන්නට වෙලා කොහොමත් තිබුනනෙ කැස්සේ

අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී
ගුණ ගායනා කිසි දවසක අසන් නැතී
සොබහව මෙලෙස මැයි. කියනා කෙනෙක් නැතී
වදනක් තිබේ මම. කිසිදා වහන් නැතී…?

හැමදා නියං එකදා වැහි වලාවේ
අව්වක් නැතිද ඉර කෙදිනක සිනාවේ…?
දින කොපමණද මෙලෙසින් වැසි කලාවේ
තවමත් කෝඩෙ රඳනා නුබ තලාවේ

ගං කොමළියට සරු සාරයි. සිරියාවේ
කන්දෙන් හැලෙනවා රිදියෙන් තැනුනාවේ
වල්මත් වෙලා වැනි ගලනා සැඩ රාවේ
කොල්ලන් ගසනවා දියබුං වරුණාවේ