ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමයක් කියන්නෙ ම

ප්‍රේමයක් කියන්නෙ ම

නුවන් තොටවත්ත
2021-March

ප්‍රේමයක් කියන්නෙ ම
වතුර නොබඳින එකට
පැළ ගොයම ආස නම්
වේලෙන්න දෙන එකට

ඇද පලුදු දැක දැකත්
නියර නොරහින එකට
වල් වැදුණු නියර උඩ
හිමින් ඇවිදින එකට

ප්‍රේමයක් කියන්නෙ ම
කිරි වැදුණු කුඹුරු වල
තැනින් තැන කැළෑ මල්
පැළ වෙන්න දෙන එකට