ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහැදුරු සුනිල් ආරියරත්න උපහාර-දැනුම යනු…

මහැදුරු සුනිල් ආරියරත්න උපහාර-දැනුම යනු…

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2023-July

දැණුම වනාහි පරිපූර්ණ දැක්මකි
හදවත ආත්මය වටහ ගන්නකි
පත්ඉරු කියවා කුමන පලක් වෙද
තමා ගැනවත් නොතේරේන සඳ
ශුද්ධ ලියවිලි දනවන සැබෑ අරුත්
දැකිය හැක වැඩිදුර නොබැලුවත්
දේශනා කරන්න ඒ පිලිබඳ
සරලව එය කිව හැකිද
කරුණු කාරණ සසඳමින් එළෙස
වඩන්නෙද දනන් නුවණැස
කියව අවසන තමන් අඳුරෙ නම්
නිසරු වෙහෙසකි එවන් වෑයම්
වැදගත් නැත ඔබෙ ඉගෙනුම
දෙවියන් මිනිස් වෙසින් නොදකී නම්
භක්තිය යාඥා නිපුණතා දැණුම
අගයමින් දොඩයි නම් පුරසාරම්
සැදැහැති සගය කියම් වදනක්
කැමති වන්දනාවක යන්න සියවරක්
එනමුත් හදක් වෙත කරන ගමනක්
සියල්ලට උතුම් චාරිකාවක්

* යුනුස් එම්රේ (1238-1328) ඇසුරින්

05.06.2023