ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අයෝමා …..

අයෝමා …..

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-March

අයෝමට වැරදුනේ එකම එක දවසක්

සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක්

වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක්

කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්

කරුමයට වෙන්කරත් , ඒ නරුම ගතියක්

ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක්

ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක්

දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක්

හිරිපොදේ ගුලිවුණත් ලැයිම් කොන අයිනේ

හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ

වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ

ඇයට වින කල අයට කිමද පල දුන්නේ