ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත් ගත් කවි – පෙබරවාරි

සුභාෂිතයේ සිත් ගත් කවි – පෙබරවාරි

අලගියවන්න මුකවෙටි තුමා
2021-February

අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

අප්‍රමාණ ගුණයෙන් හා නුවණින් යුතු උත්තමයෝ කෙළවරක් නැති ගැහැට ලැබූවත් දුෂ්ට සිතක් ඇති කර නොගනිති.
එය කෙසේද යත් සෑම දිසාවෙහිම පැතිරුණු සුවඳින් යුත් සඳුන් කඳ කපන කළත් තලන කළත් එකම ලෙස සුවඳ විහිදී යන්න සේය.