ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමිල වූ සුනිල ඔබ

අමිල වූ සුනිල ඔබ

ප්‍රීති රන්දෙණිය
2023-July

රස මවන උල්පත්
දහස් ගණනක උපත
මියුරු ගී රැලි ගලන
සුනිල දිය දහර නුඹ

පොත පතද පරේශන
පද ගද්‍ය නිබන්දන
කපිරිඤ්ඤා බයිලාව
ඔබ නොදත් දේ ඇද්ද..

සිනමාව පරතෙරට
සළරූ ද ජයගත්ත
වියතුන්ගෙ වියත් ඔබ
නොගත් සම්මාන නැත.

(4(සොරු ඇතොත් රට කරන)
(තියුණු අසිපත් පෑන
(රස බසින් උන් නසන)
(කුඩා මිනිසා උසය.)

රත්නයක් සේ ලකට
අමිල වූ සුනිල ඔබ
මහ මේරු පර්වතය
සේ අගී මවු රටට ..