ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යම ලෝකෙට ඩිමොක්‍රසි

යම ලෝකෙට ඩිමොක්‍රසි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2024-January

එදා ඉඳන් අද වෙනතුරු
එකම රජෙක් යම ලෝකේ
රජ කරගෙන ඉන්නවා
වයසත් ඇති දැන් හොඳටම

කලින් කලට යම ලෝකේ
අලුත් අලුත් යම රජවරු
පත්වෙන වග අහලම නැහැ

යම ලෝකේ ඉන්න අයට – ඇයිද නැත්තේ ජන්දයක්
සල්ලි නැද්ද අපිට වගේ – ආර්ථිකේ ඍන වෙලාද
යම ලෝකේ මොනතරම් – මැති ඇමතිල කොයිතරම්
ඉන්නව ඇති මෙහෙන් ගිහින්
යම ලෝකේ රජවෙන්නට – ආස ඇතිනේ ඒ අයටත්

හුස්ම ගන්න හැමදාටම – ඇමතිකමේ ඉන්න අයට
හුස්ම නොගෙන ඉන්නදාට – ඇමතිකමක රැඳී ඉන්න
යම ලෝකේ ජන්දයක් – තියෙන එකේ ඇයි වරදක්

24 දෙසැම්බර් 2023