ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තනි මව

තනි මව

ඩබ්ලිව්.ජයසිරි
2021-August

මාලහතේ කඹේ ගොතා
මගෙ ගෙලබැඳ රබන් ගසා
දුනුහීතල ඔබෙ දෑසේ
සැඟවී සිටි රහස වසා
තකහනියෙම යන්න ගියේ
සතුටින් නිදුකින් ඉන්නද
කියන්න බඹරෝ

ගැබ්බර වී බිරිඳක වී
මවුපදවිය ලැබගත් දා
ඔබෙ කිරිකැටි මට ඇහෙන්න ඇඬුවා නෙව
මට හිතුනා මගෙ බඹරෝ
අඬාදොඩා වැලපෙන්නට
මහමේරුව හෙලවෙන්නට

තනිකරලට වරළ ගොතා
තනිමාලය ගෙල සරසා
පුංචිඑකා උකුලෙ තියං
තනිවුනදා මගේම ලොව
සිහිණෙන් ගෑ සුවඳක හඬ
මුලු ලොවට ඇහේ !