ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ස්ත්‍රිය, සුරාව, සූදුව, විනාශය

ස්ත්‍රිය, සුරාව, සූදුව, විනාශය

සුපිපි සඟමිත් යාපා - කුරුණෑගල
2023-November

සුපිපි සඟමිත් යාපා
කුරුණෑගල

මතක තබෙන කාලයේ පටන්
ඇස ගැටුණා මේ පින්තූරේ….
දකින අයට පැනයක් වීමැයි
අරුත අසයි උන් හැම වාරේ…..

වදන් සතරෙකින් තෝරා දී
මපියා පිළතුරු දුන් වේලේ…..
නිදන්ගතවු අරුත වැටහුණේ
මමත් කුඩා එකියක කාලේ…

නොවක් මිතුරු සුවදක පැටලී
මපියාණන් සුරැකි හද ගැබේ..
ඔහුගේ පිළිරුව අසල රැඳී
අදත් අපේ මහගෙදර තිබේ…

දන්නා අය සුරලොව වැඩියත්
සුන්දර මිතු සැමරුමක් බඳූ …
ලන්ඩන් කවියටත් නෑකමක්
ඇති සේයාරුවකි කළු සුදූ …