ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැරෙනබව දන්නෙනම්…………..

මැරෙනබව දන්නෙනම්…………..

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2022-December

ගනණ්කර බැලුවාද
දිවියකට ඇති දින ගනන
මාස් පඩියට වඩා
අඩු නොවේද ඇතමුන්ට

දඟදමා වෙරදමා
තැනූවත් සිත් මන්දිරය
හීනයක් මතක නැතිවෙන්න
එකම එක නින්දක් ඇතිය

පොසිටිවුද නෙගටිවුද
වැඩක් නෑ තර්කකර
මැරෙනබව දන්නෙනම්
සැම දේම පසක්වෙය.