ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරෙයි මාලිනී නන්දා

ආදරෙයි මාලිනී නන්දා

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-December

මුතු ඇටයක් බඳු
රන් මුවා දූපතක සිට
ගලන ගඟක් මෙන් වේගයෙන් ගැයූ
පෙම් ගී පොකුරු හන්දා
ආදරෙයි මාලිනී නන්දා

කොහේ කොතැනක සිටියත්
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ප්‍රේමයට මෙපමණ අරුත් දුන්
මේ තරම් හදවත ස්පර්ශ කළ
නැත ලොවේ අන් රසඳුනා
ආදරය සේ සුව දෙනා
යනුවෙන් පසු වදන ලියන්නට
ඔබේ ගී මැයි නන්දා ……..
ආදරෙයි මාලිනී නන්දා …….