ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යමුද අපිත්….

යමුද අපිත්….

නිරෝෂා ගුණසේකර - බුත්පිටිය
2022-October

අහංකාර ඒ හිත ලඟ
වහං වෙන්න මනාප මට
⁣ලැබුණි සෙනෙහසක් අපමණ
නොබිඳෙනා සිතින්……..

තහංචි මැද බැඳුනු පෙමට
හතර මායිමක් කුමකට
ලොවට හොරා දොඩමළු වෙමු
සෙනෙහෙ පිරි නෙතින්…

දහක් දෙන බලා සිටියද
වගක් නොගෙන හෙමි හෙමිහිට
ගෑවි නොගෑවී යන ලෙස
අල්ලමින අතින්….

මන්දාරම් අඳුර ගලන
සෙංකඩගලපුර නුවරට
යමුද අපිත් එක දවසක
වඳින්නට බැතින්…..