ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්පච්චි

අප්පච්චි

ඉෂංකා මිහිරි කුමාරතුංග
2023-December

සෙංකඩගල දළදා වරුනේ
උත්තම ගුණ සේම
වැව් දියවර සොලවා
නැලවෙන දියවර පේන
උජාරුවකට නොකියා ලය
හෑරෙන සෙනේ ගේන..
දරාගත්තේ නුඹයි දෑල ඉවුරු වී
දිවියේ හැමදාම….

කිසිම දාක කිව්වෙ නෑ…
මගේ පනයි නුඹ හැමදාම
සුසුම් අහුරා මග සැරසූ
සෙනේ කදයි රහසේම
සංසාරෙ පුරා යන ගමනේ
භවයක වත් අත් නොහැරීම
නුඹ මගේ වෙනවද හුස්මට
හැමදා පන නල ගේන

සෙවනැල්ල මයි අඳුර පුරාමත්
අත් නොහැරම ඉන්න
කරගැට ගයයි ගීතය රිදුනද
ජීවිතේ කිසිත් නොකියන්න
නැවත ඉපදේදැයි නොදනිමි
සසරේ අප හමු වී ඉන්න
අප්පච්චි යේ නුඹ බූදු වෙයන්
එකම මලක් වත් පූජා කරන්න….

යටියන්තොට