ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රූ රැජින

රූ රැජින

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-March

මදහස පිරුණ බැල්මකි නව යොවුන් වත
නිදහස විඳියි කෙහෙරැළ රත් කොපුල් මත
අදහස අනුව විනිසුරු මණ්ඩලේ නෙත
අද හිස කිරුළ පැලඳෙයි රූ රැජින වෙත

කාගේ ඇසත් ප්‍රිය කළ රූබර කෙල්ල
ආවේ ඈත ගමකින් යාගොඩමුල්ල
මාලේ සින්න කළ ආයිත්තම් මල්ල
රෝගී පියා කළඹයි ඇගෙ දැඟලිල්ල

රෑ වුන දිනෙක පෙරහුරු ගමනක මැද්දේ
ගෑවුන කිළිටි පැල්ලම හිත තුළ සද්දේ
නෑවුන දාත් ලොකු අම්මයි කන විද්දේ
පාවෙන කෙනෙක් ලෙස හිනැහීමයි යුද්දේ

හීන පිපෙන තරු රැය හෙමිහිට පැමිණී
වේදිකාව වට⁣කර සැණකෙළි මැවුණී
මූණ ඇද ළඳක හිස මත ජය තැබුණී
නාය යනු පෙනුණි ගම සුන්දර තරුණී

ශ්‍යාම කුමාර මුණසිංහ