ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සදා තුටු සිත් සපත කරවනූ

සදා තුටු සිත් සපත කරවනූ

කුශාන් ලවන්ග
2023-July

සෞම්‍ය රෑ සිරි බොහොම
හැඩ නෑ කදුලක බරට
සෙනෙහේ පිරි කම්මුල් අගට
පෑහෙන්නේම සිනහාවක් පමණ

අකාලික දුක් සමුදුරක් නම් නුඹය ගිලෙනා දෙව්ලි
විරහාවක් නම් රසය කුමට ද පායන්නේම දුක නේ
උයන් දහසක පූදින්නට නම් අවැසි නැත මුලාවක් වූ ප්‍රේමේ
සදා පායනු එකම උයනක නුඹට මල් දම් සොදුරී

ලතාවක් වී හමාගන විත් සුළන් රැල්ලක පහසේ
හමායන්නට වරම් දේවී තැවුල් වරා වන් රිසිසේ
ගලා යන්නට පළමු කදුළක රසය ප්‍රේමය විලසේ
සදා තුටු සිත් සපත කරවනූ ඇගේ ලෝකය අස්සේ..