ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්පච්චි …..

අප්පච්චි …..

ඉෂංකා මිහිරි කුමාරතුංග
2023-August

දරා දියළුම සේම දිය වැල
නොකියාම රහසේ වින්ද…
පින් කඳ නුඹයි සසරේ
දිය බිඳිති ඇහින්ද….
රහසෙම ලංවී ඇවිදීන්
නලල් තල සුව සෙව්ව…
අප්පච්චියෙක්ට වරම් නෑ
දෝණියෙක් ලඟ ඉන්න …

උර හිසේ හිදුවා
නොදුටු ලෝකය පෙන්වා…
අත දිගු කලේ මාවත
යා යුතු මානය සදලා
රිදෙන තැනදි කඳුළත් ගෙන
සිනා දෙතොලේ පූදවා…..
අප්පච්චිලා හිනහුනා
කඳුළත් දෑසෙම සගවා….

ගොක්කොල රාමුවේ තනවා
පෝරුව නැකත් තුලාවේ..
දන් දෙන්නට බියෙන් වෙව්ලා
දෑසේ රැඳි කතාවේ…
වෙස්සන්තර වී අත හරිනා
හුස්ම පොදකි ජීවිතේ….
අප්පච්චි ලා බූදු උනා
දැක දෝනිගෙ කර මාලේ…