ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුඹ

නුඹ

නදී රුබසිංහ - දකුණු පළාත
2023-December

සිතුවිලි අසංතුලිතයි
අතීතය අනාගතය
අතර දෝලනය වන…

තවමත් භෂ්මාවශේෂයක්
නොවූ වර්තමානයේ අහඹු
පීඩනයෙන් විඩාකන…

විටෙක මට අනුලෝමවද
විටෙක මට ප්‍රතිලෝමවද
හිත අස්සෙ දඟ කරන…

නුඹත් එක සාධකයක්
කුලකයක විස්තර කිරීමක්
තවමත් නොතේරෙන…

නැහැ,,,,

තවමත් විස්තර කිරීමට
උත්සාහ නොකරන… 💗