ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුලාවේ යන පින්වත්තූ

මුලාවේ යන පින්වත්තූ

නාලිකා සමන්කුමාරි
2021-December

බෙදාගත්ත මහ පොළොවත්
බදාගන්න දඟලන අය
පාර හොයයි නිවනට යන
හමුවූවොත් ඒ පාරත්
වැට මායිම් ලකුණු කරයි
සැකයක් නෑ බුදු බණටත්
නිගා දෙවන සිල්වත්තූ ….

හෙළන සුසුමෙ පවා රැඳුණ
ලෝභ දෝස මෝහ මළට
දඬුවම් දී සොබාදහම
නඩු ඇසුවම හරි විදියට
ඒ හුස්මම එකතු කරයි
මුළාවෙ යන පින්වත්තූ ….

සුදු සළු පොට දෙවුර දරන්
පන්සල රඟමඩල කරන
අන්ධ බැතිය මතින් සරණ
අන්ද මන්ද වූවන් දැක
කම්පාවෙන් සුසුම් හෙළති
මතු බුදු වෙන බෝසත්තූ ….