ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අත් හැරීමම තමයි ප්‍රේමය !

අත් හැරීමම තමයි ප්‍රේමය !

තිලිනි උත්පලා ලක්ශාන්ති - මහනුවර
2023-July

ඇස් පියන් මත දරන්නට
බැරිම උණු කඳුල නුඹ
අත් නොහැර රැක ගනිමි
නුඹෙ සුවඳ රැඳි මතක…

සිර කරනු බැරිම විට
මුදා හල සුසුම නුඹ
යා නොදී රැක ගනිමි
පෙම් සුවඳ සිත පිරුන…

තබා ගන්නට මා ලඟම
නොහැකි විට යා නොදී
අත් හරිමි ප්‍රිය සබඳ
අත් හැරීමම තමයි ප්‍රේමය…