ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමතක වූ කවියක්

අමතක වූ කවියක්

කපිල කුමාර කාලිංග
2022-November

උදෑසනම ඇසෙයි
දොරට තට්ටුකරන හඬක්
සෙමෙන් -ඇඟිලි තුඩින්

හැර බැලුවෙමි

අමනාප බැල්මෙන්
දොරකඩ
අමතක වූ කවියකි
ලියා තබන්නට

උණුසුමින් පිළිගෙන
සිප වැළඳ
කැටුව ගියෙමි
කුටිය වෙත

අවදියෙනි ඇය
යහනෙහි
කුහුලින් බලයි මා දෙස
විදා නිල් නෙතු

බියපත් ය
කවිය ද
“වෙන දවසක එන්න”

මම කීවෙමි
රහසින් .