ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුබ මංගලම්

සුබ මංගලම්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-November

උසාවිය මීයට පිම්බා සේ,..
පැමිණිලි පක්ෂයේ ආසන හිස්,…..
විත්තිකරුගේ පැත්තේ ආසන සියල්ල පිරි,….
පැමිණිල්ලේ නිතිඥතුමා අසුන්ගෙන
චුදිතයාගේ නිතිඥතුමා පැමිණිලිකරුට මුහුණලා
පැමිණිලිකාරිය හා විත්තිකරු බිම බලාගෙන,…
නඩුකාර උතුමාණන් අසුන් ගති
පැමිණිල්ල විභාගයට ගැණුනි,…..
විත්තිකරුගේ ආදරවන්තිය කුඩුවට …..
දෙපාර්ශවයේ සාක්ෂි දිග හැරුණේ,…….
විත්තිකරු නිදොස්කොට නිදහස්,…..
නඩුකාර උතුමාණන් තීන්දුවයි,..
ක්‍රිකට් ලොවෙහි රසකාවියක් ලෙසින්
මා හිස නමමි
උසාවියේ අති දක්ෂ මනෝවිද්‍යාත්මක
නඩුකාර උතුමාණන් ගේ සේවයට…

20/10/2023