ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරගලයේ කන්නලව්ව

අරගලයේ කන්නලව්ව

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2022-May

නීතියත් වල් වැදුනු හැටියක්
පෙන්නුවාලූ කාකි
හැත්තක්…

දුගී ජනයගේ බඩට ගසමින්
රටක් පාරට ඇද දාපු
කපුටෙක් …

ඩොලරයක්වත් ඉතුරු නොකරම
අහස උසටම ගහපු
කරනම්….

අහිංසකයගෙ බත් පතට විදිමින්
කුසත් හිස්කර කරපු
හරියක්…

අනාගත දරු කැලගෙ පැතුමන්
අනේ සුන්කර දමපු
හැටියක්….

දෙවියනේ මේ යැදුම් අහමින්
ඉතිං දැන්වත් පිහිට
වීයන්…

හෙණයකට වැඩි දෙයක් ඇත්නම්
උන්ගෙ හිස් මත පාත් වීයන්….