ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්මා සතිමත් දොහක් !

සම්මා සතිමත් දොහක් !

චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)
2024-June

බෝ පත් නංවන සිළි සිළිය
හදවත පුරා නැඟුණු
ඉමක් නැති බවගාමී සිත්ය.
සෙමින් එය නැවතී මහීකත
දෙසට හැරී බිම බලා සිටින්නේ ,
ඔබ මෙතෙක් ඇසූ දුටු දේවල් පසුගිය දෙදොහේ යළි යළිත් මෙනෙහි කරමින් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට මඳක් හෝ සිත් යොමු කළ නුඹ මෙනි.
එසේනම් ඔබ ඔබේ සතිය සාදා ගත්තා වැන්න. ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඔබේ හුරු වූ ඒ සිත සම්මා සතිය බවට පත් කර ගැනීමෙන් ඔබ ද මාද ඒ මග තවත් පෙරට ගෙන ගියොත්…….
ඔව් අපිට එය නොහැකි නොවේ. අපිට ඒ පිළිබඳව කියා දෙන, දුන් මං බොහෝ ය. අපි එය එසේ සිතා රැක ගතහොත් ලබන වෙසඟ අපි සොයා එද්දී අපි සම්මා වායාම ,සම්මා ආජීව හා සම්මා කම්මන්ත කරා හෝ ළඟා වී නොසිටී ද?
ඒ සියල්ලම අපිට ම්ස වෙන අයෙකුට නොවේ.
නිතරම අපි ගැනම හිතන අපි අපි වෙනුවෙන් එය කරමු. එය අපිට කිසිවකුට දීමටත් ,අපිට ගැනීමටත් නොහැකි ය.
එසේ නම් ඔබ,ඔබ වෙනුවෙන් එය කරද්දී මම ද මම වෙනුවෙන් එය කරමි.
එහෙත් අමතක නොකරමු මම හා ඔබ කියා යමෙකු ඇත හා නැත කියා අපි දන්නා බව.
ඓසේනම් එය දැක ගැනීමට අපි සතියේ පිහිටමු.
එම සතිය සම්මා සතිය බවට පත් කරගමු මගේ පුණ්‍යයධර සකිය.

ඔබට පින්බර දොහක් !!!

Photo credit; Lahiru Supunchandra
25-05-2024.