ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත් ගත් කවි – පෙබරවාරි

ගුත්තිල කාව්‍යයේ සිත් ගත් කවි – පෙබරවාරි

වෑත්තෑවේ හිමි
2021-February

‘නොමිහිරි ද මේ වෙණ
ඇසුහු ද මෙයින් වැඩි වෙණ
නැතහොත් නැත නුවණ
කියව නොසතුටු වන්ට කාරණ’

මාගේ මේ විණා වාදනයෙහි රසයක් නැද්ද, මෙයටත් වඩා මිහිරි විණා වාදන ඔබ අසා තිබේ ද, එහෙමත් නැත්නම් ඔබට වාදනය, සංගීතය පිළිබඳව අවබෝධයක් නැතිව ද, මාගේ විණා වාදනය අසා ඔබ සතුටක් නොපෙන්වන කාරණය කුමක් ද? .

ඇදුර තුටු නොවෙතියි
නොසිත අප සිප් නොදතියි
උනිමු වෙන සදතියි
නොදත්තෙමු ගායනා කරතියි

ඔබ අසතුටු වන්නට එපා. අප ශිල්ප ශාස්ත්‍ර නොදන්නවා කියා සිතන්නට ද එපා. අපි හිතුවෙ ඔබ විණාව සුසර (tune) කරනවා කියාය. ඔබ වාදනය කරනවා යැයි අප සිතුවේ නැත.