ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමවත

සමවත

මාලිනී හෑගොඩ - USA
2024-June

සමහර දවස් ගෙවුනත් හරි සීරුවට
හරබර වැඩියි ඊ ළඟ දින පේළියට
ජරමර ගොඩක් තව දවසක ඉදිරියට
කරදර ඇතත් දිවිමග යයි තාලයට

පිනිබර උදේ කාලය ගෙවුණා සරියේ
පැහැබර දිවා කල නිමවිය කඩි මුඩියේ
අහවර වෙන්න තව ලොකු කලකුත් නැතියේ
අනදර කුමට සැන්දෑ වරුවට දිවියේ

මෙහෙවර ඉවර වෙන දින ළං වනු ඇතිය
හරසර කුමට අප පොඩි පොඩි අතු ඉතිය
පපුතුර කොනක රැඳුණොත් මා ගැන බැතිය
මවැතිර සිටිමි මට මල් පෙත්තක් ඇතිය

2024 මැයි මස 2 දින
ඇමෙරිකා එක්සත්ජන්පදයේ දීය