ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇය කොහින් ආ දෝ මට සිතෙයි

ඇය කොහින් ආ දෝ මට සිතෙයි

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-December

හද සන්තාන කලඔා
රස සාගර ය කලතා
දන මන ද කම්පිත කරවා
ගැයු කෝකිලාවී නන්දා

විකසිත ප්‍රේම උදානය යි
බිඳිි ප්‍රේම යේ කඳුලු බිඳුව යි
ස්වර නැගී තාලෙට බසිියි
වියෝ ගිනි දැල් සිසිල් වෙයි

මඟ කියන කාහල නාදයයි
වා තලය විනිවිද දිවෙයි
මහද වෙණ තත් නැළැවෙයි
ඇය කොහින් ආ දෝ මට හිතෙයි

19-11-2023