ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳ සොයා යමි රැයේ

සඳ සොයා යමි රැයේ

බුද්ධදාස ගලප්පත්ති
2024-June

සඳ සොයා මේ රැයේ
ඇවිද යමි ගනදුරේ
තරු බිමට වැටිලා
පයට පෑගෙනු දැනේ

ඈත පැලකින් ඇසෙන
බිලිඳු දරුවෙකු හැඬුම
මග කියන්නෙද මහට
සඳ සොයා යන ගමන

මවකගේ නැලැවිල්ල
බිලිඳු හඬ ගොළු කළෙද
සඳ සොයා යන ගමන
මා අතරමං වී ද?

ගිරි හිස සිට කාව්‍ය සංග්‍රහයෙන් – සරසවි ප්‍රකාශන 2003