ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“තරු රටා”

“තරු රටා”

නුවන් තොටවත්ත
2022-April

සමාවුව මැන
ගුරුතුමනි මට,

එදවස
නුඹ කියා දුන්
“තරු රටා”
බොරු යැයි කීවාට

“තැන තැන තියෙන තරු ටිකක්
මහා වලසෙක් වෙන්නේ කොහොම” දැයි ඇසුවාට

දොලොස් වසරකට පසු
රෑ අහස දකින මට
නුඹ හරිද කොයි තරම් හැඟේ

සඳ නොමැති දවස් වල
රෑ අහස බලන මට
ඒ “තරු දෙක” ඒ “ඇස් දෙක” යැයි සිතේ