ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරණිය  බිරිඳට

ආදරණිය  බිරිඳට

නීතිඥ  පද්මිණී  දේවි  ජයසේකර - ලන්ඩනය
2021-August

සුන්දර අතීතයක්
තිබුනා අපටත්
නිමේෂයකින්
සියල්ල බොඳවිය
අද ඔබ රෝහලේ  උඩුකුරුව
හරස් වුණිය දෛවය අපට
පින් කලා  මදිවෙලා වත්ද
ඔබ ඔතැන  මා මෙතැන
දෛවයේ  සරදම වෙලාගෙන
ගතකළ  කාලය සිතට වද දෙයි
මං  අතරමං  උනාද
ගීයක් ගයනවා මිස
නැත මට සතුටක්
ගිටාරය ඔබමවී  මා වෙලාගෙන
මට දෙයි සැපක් ඔබමෙන්
පුතා සරසවියේ දස්කම් පායි
අපට සතුට දුන් ඔහු සමග
නැවත හමුවෙමු  අපි
සංසාරයේ යම් දිනෙක