ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරයේ වසරකට

ආදරයේ වසරකට

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2024-January

තෙත් කරන් හදවතට වක්කරන මෘදු වදන්

නෙත් වලින් ලියන්නට වෙහෙසෙනා රත්තරන්

මෙත් වඩන් සිනහවට මුහුකරන තොල් පියන්

හිත් තුලින් දැනෙන්නෙම ආදරේ ඉස්තරම්

මත් කරන් ජීවිතේ රසම තැන් එක්කරන්

තත් අතර නාද මවමින් මිහිර එක්කරන්

ලත් දෙයින් සතුට ජිවිතයටම ලං කරන්

අත් බැඳන් පිලිගනිමු මේ වසර ඉස්තරම්

Photo; Pablo Heimplatz